ඔසු උයන ආරණ්‍ය සේනාසනය
ඌව පලාතේ නිල්ගල රක්ෂිත වන උද්‍යානයේ පිහිටා ඇති ඔසු උයන ආරණ්‍ය සේනාසනය ඔබට භාවනා සහ සන්සුන් ජීවිතයකට නව අරුතක් ලබාදිය හැකි මනරම් සෙරින පරිසරයකි.
භාවනා කටයුතු සහ සන්සුන් ජීවිතයක්ට පිවිසෙන්න
ඔසු උයන ආරණ්‍ය සේනාසනය

ඔසු උයන ආරණ්‍ය සේනාසනය
ගිහි පැවිඳි දෙපාර්ශවයටම දහම් පුහුණුවට ඉතාමත් යෝග්‍ය වූ සාධකයන්ගෙන් යුක්තව පවතී. තායි සම්ප්‍රදායෙහි අඦාන්මන්, අඦන්චා වැනි එතුමන්ලාගේ ඉගැන්වීම් ගුරු කොට සලකමින් භාවනා උපදෙස් පිලිපැදීම හුරු කරනු ලබයි.

විශේෂ වැඩසටහන්
සීල සමාදන් වැඩසටහන් සෑම පසලොස්වක පොහෝ දිනකම
භික්ෂූන් වහන්සේලාගේ මඟපෙන්වීම යටතේ භාවනා පුහුණු වීමට සහ සීල සමාදන් වීමට අවස්ථාවක්.
දස දින නේවාසික භාවනා වැඩසටහන් පැවැත්වේ
දැනට දස දින වැඩසටහන් 17ක් පවත්වා ඇති අතර ඉදිරියේදී සෑම මසකම පැවැත්වීමට බලාපොරොත්තු වෙමු.
ධර්ම සාකච්ඡා
ධර්ම සාකච්ඡා සඳහා අවශ්‍යා කටයුතු සම්පාදනය කර ගත හැක.
දානමය පිංකම් වැඩසටහන්
වස් සමයේ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමේ පුණ්‍ය කටයුතු වල යෙදිය හැක. කුටි විහාර මන්ඩ්දිරය නඩත්තු කිරීම, ජල පහසුකම් සැලසීම ආදිය සැලසිය හැක.
